සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු බව කියන ”රත්මලානේ සයිමා” නමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට සිදු කළ විශේෂ මෙහෙවුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට පොලිස් නිළධාරීන් කණ්ඩායමක්ද එම මෙහෙයුමට එක්ව ඇති බවද වාර්තා වුණා.

”රත්මලානේ සයිමා” නමැත්තා විදේශගතව සිට මෙරට මත්කුඩු ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.