අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ නිතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට එම පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුරාධපුර පොලිස් ස්ථානය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

අදාළ පිරිස අද පෙරවරු 9 ට පමණ එම පූජා භූමියේ දන්සැල් පැවැත්වෙන ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

කෙසේවෙතත් එම පිරිස සහ ඒ අවට වෙළෙන්දන් අතර නොසන්සුන්තාවක් හටගත්තා.

එහිදි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි අනුරාධපුර පොලීසිය පැවසුවේ.

ඔහු අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.