දෝහා ඩයමන්ඩ් ලීග් 2026 මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, මීටර් 88යි දශම 6යි 8ක දක්ෂතාවක් ප්‍රදර්ශණය කරමින්.
මෙම දක්ෂතාවත් සමග ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත වීමට නියමිතයි.
රුමේෂ් තරංග ඉකුත්දා නිමාවට පත් වූ රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මිටර් 92යි දශම 6යි 2ක දක්ෂතාවක් ද දැක්වුවා.
එය මෙම වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ද ලෙසටයි වාර්තා අතරට එක්ව ඇත්තේ.
ඊයේ තරඟයට සහභාගි වන විටත් රුමේෂ් තරංග සිටියේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ යි.
මේ අතර ඊයේ තරඟයේදී දෙවන ස්ථානය ග්රෙනෙඩාවේ පීටර් ඇන්ඩර් සන් දිනා ගත්තා.
ඒ මීටර් 86යි දශම 3යි 8ක දක්ෂතාවක් ප්‍රදර්ශණය කරමින්. එහි තුන්වන ස්ථානය අමෙරිකාවේ තොම්සන් කර්ටිස් දිනා ගත්තා. ඒ, මීටර් 85යි දශම 9යි9ක දක්ෂතාවක් ප්‍රදර්ශණය කරමින්.
මෙම තරඟයට හෙල්ල විසි කිරීම ඔලිම්පික් ශූරයාද වන ඉන්දියාවේ නීරාජ් චොප්රා ද සහභාගි වී සිටියා.
රුමේෂ් තරංගට ප්‍රබලම අභියෝගය ඔහුගෙන් එල්ල වනු ඇති බවයි මුලදී කියැවුණේ එහෙත් තරඟයේදී ඔහුට දැක්වීමට හැකිවුණේ මීටර් 85යි දශම 6යි 9ක දක්ෂතාවක් පමණයි.
මෙම තරග වාරයේ නීරාජ් චොප්රාගේ හොඳම දක්ෂතාව වනවා.
එහෙත් ඊයේ තරඟයේදී එය ප්‍රමාණවත් වූයේ හතරවෙනියා ලෙස තරගය නිමා කිරීමට පමණයි.




