Published
වලංගු වීසා බලපත්ර නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටිමේ චෝදනාවට වරද පිළිගන්නා බව හිටපු රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
මෙම නඩුකරය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
ඒ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකාරිය අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.
ඉන් අනතුරුව නඩුව සුළු වෙලාවකට කල් තැබීම සිදුවුණා.




