ව්‍යාජ විදෙස් මුදල් නෝට්ටු කිහිපයක් සන්තකව සිටි තරුණයෙකු හැටන් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබි ව්‍යාජ යුරෝ මුදල් නෝට්ටු 16ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවන වටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා හැටන් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.