ගිං ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

තවදුරටත් වැසි ඇදහැලීම හේතුවෙන් ඊයේ නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වාද දීර්ඝ කළ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට සහ ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ට අවදානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.