වැඩ් මිලට යතුරු පැදි අළෙවි කළ වෙළෙඳ සැල් 3කට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබෙනවා.

 

ඒ, යතුරු පැදිවල මිල ගණන් වෙනස් කිරීම සහ නිල අලෙවි නියෝජිත සමාගම විසින් නියම කර තිබූ මිල ඉක්මවා වැඩි මිලට යතුරුපැදි අලෙවි කිරීමේ චෝදනා යටතේයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම වෙළඳ සැල් තුනට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඒ, සිදුකළ වැටලීමකදීයි.

යතුරු පැදියක් මිලදී ගැනීමට පෙර එහි මිල ගණන් නිසි ලෙස පරීක්ෂා කරන ලෙසත් පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අයකරන හෝ මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් 1977 දුරකතන අංකයට පැමිණිලි කරන ලෙසත් පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.