මෙම වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි පරිභෝජනය ඒකක 180 ට වැඩි කාණ්ඩවලට වැඩි වූ විදුලි ගාස්තුව අද සිට අය කෙරෙනවා.

ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළේ එම ඛාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ දැමූ බවයි.

කෙසේවෙතත් මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා සියයට 95ක පමණ පාරිභෝගිකයන්ට ඉන් බලපෑමක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.