Published
වැල්ලවාය, අලිකොටආර ඉහළ කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් එහි අක්කර දහයකට අධික භූමි ප්රමාණයක් විනාශ වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්රී කාලය පුරාද එම රක්ෂිතයේ පැතිර ගිය බවයි නෙත් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ.
එම ප්රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.
කෙසේවෙතත් අලිකොටආර ඉහළ කඳු රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වී ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
මේ අතර මොණරාගල දිස්ත්රික්කයේ රක්ෂිත කිහිපයකම පසුගිය දිනවල ගිනි ගැනීම් කිහිපයක්ම වාර්තා වුණා.









