වැල්ලවාය, වලංවාඩිය ඉහළ කඳු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ දී ගින්නක්හටගෙන තිබෙනවා.

එම ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම කඳු රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර අද උදෑසන කාලයවන විටත් තැනින් තැන ගිනි ගැනීම් දක්නට ලැබූ බවයි නෙත් නිවිස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ.