විදුලි රැහැන් හා දුරකතන රැහැන් සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මාරවිල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ සොරකම් සම්බන්ධයෙන් මාරවිල පොලිස් ස්ථානයට ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.

ඔවුන් සන්තකයේ තිබූ සොරකම් කරන ලද විදුලි සහ දුරකතන රැහන් කිහිපයක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.