ශ්රී ලාංකික පුරවැසියෙකුට දැනටමත් ලංකාවේ නිකුත් කළ රියදුරු බලපත්රයක් පවතින්නේ නම්, විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන අවස්ථාවලදී එම බලපත්රය භාවිත කරමින් කිසිදු බාධාවකින් තොරව නීත්යානුකූලව වාහන ධාවනය කිරීමට හැකියාව පවතින බව ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඒ, විදේශගත ශ්රී ලාංකික පුරවැසියන්ට මෙරට තුළ රියදුරු බලපත්ර ලබාගැනීමේ සහ භාවිත කිරීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින්.
"අපේ රටේ ශ්රී ලාංකිකයන් ඉන්නවා නම් විදේශගත වෙලා, ඔවුන් ශ්රී ලාංකික පුරවැසියන් නම්, ඔවුන්ට ලංකාවේ රියදුරු බලපත්රයක් තිබෙනවා නම්, ඔවුන්ට ඒ රියදුරු බලපත්රයෙන් ලංකාවට ආවාම ඒකෙන් ලංකාවේ වාහනය එලවන්න පුළුවන්. ඒක එක්ස්පයර් වෙලා නැත්නම්. දෙවෙනි එක, ලංකාවේ පුරවැසියෙක් නම් විදේශගත වෙලා නම් ඉන්නේ, ඒ රටේ මේ ඩ්රයිවින් ලයිෂන් එක ගන්නකොට ලංකාවේ ඩ්රයිවින් ලයිෂන් එක එතෙන්ට බාර දීලා තිබෙනවා නම්, ඒ අයට පුළුවන් ඒ ලේඛන ඉදිරිපත් කරලා මෙහේ ඩ්රයිවින් ලයිෂන් එකක් ගන්න සාමාන්ය ශ්රී ලාංකික පුරවැසියෙක්ට වගේ. ඒ වගේම කවුරුහරි විදේශගත ශ්රී ලාංකිකයෙක් ඉන්නවා නම්, එයාගේ ශ්රී ලාංකික ඩ්රයිවින් ලයිෂන් එක නැති වෙලා නම්, එයාට පුළුවන් සාමාන්යයෙන් අපි ඩ්රයිවින් ලයිෂන් එක නැති වෙච්ච විදියට පැමිණිල්ලක් කරලා ඩ්රයිවින් ලයිෂන් එක හදාගන්න. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත්, තමන් ශ්රී ලාංකික පුරවැසියෙක් නම්, තමන්ට ඩ්රයිවින් ලයිෂන් එකක් තිබෙනවා නම්, ඒක ෆින්ලන්තයේ හරි කුවේට් වල හරි කොහේ හරි ඒක සරෙන්ඩර් කරලා නම් බාර දීලා නම් තියෙන්නේ, එයාට පුළුවන් ඒ ලේඛන ඉදිරිපත් කරලා ලංකාවේ සාමාන්ය ශ්රී ලාංකිකයෙක්ට වගේ ලයිෂන් එකක් අරගෙන වැඩ කරගන්න. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් කියන්න කැමතියි, ඒ නිසා අමුතුවෙන් ගෙවා ගෙවා මේවා කරන්න ඕනේ නෑ, ශ්රී ලාංකික පුරවැසියන්ට තමන්ගේ ඩ්රයිවින් ලයිෂන් එකෙන් නීත්යානුකූලව එලවන්න පුළුවන්..."
යම් හෙයකින් විදේශගතව සිටින ශ්රී ලාංකිකයෙකුගේ මෙරට රියදුරු බලපත්රය නැතිවී ඇත්නම්, සාමාන්ය ක්රමවේදයට අනුව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර නව බලපත්රයක් සකස් කරගැනීමට අවස්ථාව සැලසෙනවා.




