විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා.

​අද (29) උදෑසන පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

​එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ රජීව් අමරසූරිය මහතා කියා සිටියේ, ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වූ දැඩි පහරක් බවත්, එය නැවැත්විය යුත්තක් බවයි.

​මෙම යෝජනාවට එරෙහිව නීතිඥවරුන් සියලුදෙනා අත්වැල් බැඳගෙන සිටින බවත්, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.