ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ පස්වරුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මේ බව දැනුම්දී තිබෙනවා.

මේ එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා.

"අපට පළවෙනි වතාවට ගරු අගමැතිතුමා සමඟ අවස්ථාවක් ලැබුණා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය ගැන පැහැදිලි කිරීමක් කරන්න. පැයක් තිස්සේ අපි එතුමාත් එක්ක සාකච්ඡා කරා. එතුමාට අපි ඉදිරිපත් කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරයත්, ඇයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය මේ වෙලාවේ නොකළ යුතුයි ඇයි කියලත්. එක්කම අපි ඉල්ලීමක් කරා ජනාධිපතිතුමාවත් හමු වෙන්න. එතුමා ඒ ගැනත් ගරු ජනාධිපතිතුමාට දැනුම් දීලා, අපට දැනුම් දෙනවා කියලා කිව්වා. එතුමාගේ ප්‍රතිචාරය ඇත්තටම අපි ඉදිරිපත් කරපු කරුණු ගැන අධ්‍යයනය කරලා ජනාධිපතිතුමාවත් දැනුම්වත් කරනවා කියලා කිව්වා."