විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් තවදුරටත් වාද විවාද මතුවෙමින් තිබෙනවා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් නොකරන්නේ නම් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
"අපි කියන්නේ රටට හොඳ නැහැ කියලා. මේක රටට, ජනතාවට, මේ රටේ ඉදිරි අනාගතයට හොඳ නැති දෙයක්. කළු පැල්ලමක් ගේනවා, අපේ අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ලොකු සැකයක් මතුවෙනවා. අපේ ඉදිරි ගමනට, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට, ජනරජයේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා කියලා අපි කියනවා. මේ අවස්ථාවේ අපි සාකච්ඡාව අවසන් කළේ එතුමාට ඉල්ලීමක් කරා මේ ගැන නැවත හිතන්න කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක එහෙම හිතයි කියලා. ඉතින් ඒ දැන් තියෙන්නේ ආණ්ඩුවට තීරණය කරන්න අපි මේ ආපු ගමන තව විදිහකට යනවාද, එහෙම නැත්නම් ඒ වෙලාවේ අපි අපේ නිසි නීතිමය ක්‍රියාමාර්ගවලට අපි අවතීර්ණ වෙනවා. අපි තාමත් බලාපොරොත්තු වෙනවා අපි කතා කරපු පුළුල් සාකච්ඡාව, විද්වත් සාකච්ඡාව මේ අවස්ථාවේ වෙයි."
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කලා.
"මේක ජනතාව ඉල්ලපු දෙයක් නෙමෙයි. මේක නීතිඥවරු ඉල්ලපු දෙයක් නෙමෙයි. මේක ගරු විනිසුරුවරුන් ඉල්ලපු කාරණයක් කියලා අපි දැක්කේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට, මේ රටේ ජනතාව සහ මේ රට අපහසුතාවයට පත් කරන්න එපා. එහෙම කළොත් වෙන දේ තමයි, අපි ජාත්‍යන්තරය ඉදිරියේ රටක් හැටියට අපහසුතාවයට අපිට ලක් වෙන්න සිදු වෙනවා. ඔබට මේ බලය නැති වෙච්ච දවසට, බලය ලබාගන්න අය ඒ අයත් ඒකාධිපති ආකාරයට මේ රට පාලනය කරන්න ගියොත්, ඔබට අත් වෙන තීරණය පිළිබඳවත් සිතා බලන්න සිදු වෙනවා."



