Published
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින් අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ, විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරීම සදහායි.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන එම සාකච්ඡාව සදහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්රීපාල සිරිසේන, රනිල් වික්රමසිංහ මහත්වරුන් මෙන්ම හිටපු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාට ආරාධනා කර ඇති බවයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ.




