පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 35,169කට අයත් පුද්ගලයින් එක් ලක්‍ෂ 15,586 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 35ක පිරිසක් එලෙස බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

එවන් පසුබිමක් තුළ පානීය ජල ගැටලුවට මුහුණ දෙන ජනතාවට අඛණ්ඩව ජලය බෙදාහැරීමට කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව දිස්ත්‍රික්ක හතක පවුල් 34,628ක අයත් පුද්ගලයින් එක් ලක්‍ෂ 13,406කට පානීය ජලය බෙදාහැරීම සිදුකරන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.