Published
දැඩිගමුව ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බවට නවගමුව පොලීසිය වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.
ඒ අනුව වහා ක්රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගිය බවයි වාර්තා වුණේ.
අදාළ ස්ථානයේ සිදුකළ පරීක්ෂාවකදී අනාවරණ වී ඇත්තේ එවැනි වෙඩි තැබීමක් සිදුව නොමැති බවයි.
අදාල දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




