ඉන්ධන හා විදුලිය භාවිත කිරීම සඳහා රජය මඟින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, කොළඹ බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් සාකච්ඡාවේදියි.

මෙවර කොළඹ බුද්ධ රශ්මී වෙසක් කලාපය රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවයි කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ එහිදී පැවසුවේ.