ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් අදින් ආරම්භ වනවා.
රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන වැඩසටහන මාතර - තිහගොඩ මිදෙල්ලවල පුරාණ මහා විහාරස්ථානයේ දී අද පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙවර ජාතික වෙසක් උත්සවයට සමගාමීව අද සිට වෙසක් සතිය ක්‍රියාත්මක කෙරෙන අතර එම කාලය තුළ ”සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්” තේමාව යටතේ සෞඛ්‍ය වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, පොහෝ දින වැඩසටහන්, භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතයි.
මීට සමගාමීව ක්‍රියාත්මක වන භෞතික සංවර්ධන වැඩසටහන් අතර දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය, පුණ්‍ය ග්‍රාම වැඩසටහන, විහාරස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, දහම් පාසල් පහසුකම් සංවර්ධනය කිරීම සිදු කෙරෙනවා.




