Published
නාරාහේන්පිට පෞද්ගලික හෝටලයක වෛද්‍යවරියන් කිහිප දෙනෙකු නාන කාමරයේ සිටියදී එය වීඩියෝ කළ තරුණයන් දෙදෙනෙකු ඒවා අන්තර් ජාලයට මුදාහැර ඇත්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
සම්මන්ත්‍රණයක් සඳහා පැමිණ නාරාහේන්පිට පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් කිහිපදෙනෙකු නාන කාමර තුළ දිය නාමින් සිටියදී, සැකකාර තරුණයන් දෙදෙනා සිය ජංගම දුරකථන මගින් එය වීඩියෝ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
එහිදි අධිකරණය නියෝග කළේ ඔවුන් දෙදෙනා රුපියල් ලක්‍ෂ 5ක ශරීර ඇප මත මුදාහරින ලෙසයි.
එම තරුණයන් දෙදෙනා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




