දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාග සදහා සැප්තැම්බර් මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඉන්පසුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මස 28 වනදා කැදවන ලෙස නියෝග කළා.