සෞදි අරාබියේ රියාද් නගරය වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් තවදුරටත් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ, රියාද් ගුවන් තොටුපළ ආශ්‍රිතව මෑතකදී සිදුවූ ආරක්ෂක තත්ත්වයක් සහ අඛණ්ඩව සිදුකෙරෙන ආරක්ෂක හා මෙහෙයුම් සමාලෝචන සලකා බලමින්.

ඒ අනුව ඔක්තෝබර් 18 වන දින දක්වා රියාද් නගරය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන් නතර කර තිබෙනවා.