ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී සොනාලි ජේන්-චන්ද්‍රා පවසන්නේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇති බවයි.

එමෙන්ම වත්මන් මූල්‍ය වැඩසටහනෙන් පසුව නැවතත් මූල්‍ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ අයිතියක් බව ද ඇය පෙන්වා දුන්නා.

ඒ, තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුවට සමාන්තරව පැවති මාධ්‍ය හමුවකදීයි.