Published
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
දෙරට අතර පළමු එක්දින තරඟය අද පැවැත්වෙන්නේ කින්සටන්හිදියි.
මෙරට වෙලාවෙන් රාත්‍රී අටට එම තරඟය ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම්වල නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ජාත්‍යන්තර තරඟය මෙය වනවා.




