මෙම වසර තුළ ශ්‍රී ලාංකිකයින් 250,000කට විදේශ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

රජය මගින් සහ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන හරහා මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ලාංකිකයින් රැකියා සඳහා විදේශ ගතවීමේ යම් අඩුවක් පෙන්නුම් කළද ආරක්ෂාකාරී ගමනාන්ත වෙත ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීමට පියවර ගනිමින් සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවා.

වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 143,087 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

ඒ අතරට පිරිමි ශ්‍රමිකයින් 92,590 ක්.

කාන්තා ශ්‍රමිකයින් 50,497 දෙනෙකුද රැකියා සඳහා විදේශ ගතවී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.