හිටපු ජනාධිපති ආර්යා ශිරන්ත රාජපක්‍ෂ මහත්මිය රෝහල් ගත කර ඇතැයි වාර්තා වනවා.
ඒ, ඇතුළු දේශපාලන වේදිකාවේ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කණින් කොනින් විශේෂාංගයේ තොරතුරු පහතින්
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ නැත්නම් මේ දවස්වල ගොඩක් ජනප්‍රිය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අම්මා ශිරන්ති රාජපක්ෂ හදිසියේ රෝහල් ගත කරලා. ඇය දැන් ඉන්නේ කොළඹ පෞද්ගලික රෝහලක කියලා තමයි වාර්තා වෙන්නේ. ඇය තරමක් අපහසු තත්ත්වයෙන් ඉන්නවා කියලත් පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා. කොහොම හරි මේ කතාව වාර්තා වෙන්නේ ශිරන්ති රාජපක්ෂට අල්ලස් කොමිසමට එන්න කියලා දැනුම් දීමක් කරලා තිබ්බා කියලා විවිධ කටකතා පැතිරිලා තිබුණු කාලයක. හැබැයි වාර්තා වෙන ආකාරයට එහෙම කිසිම දැනුම් දීමක් ලිඛිතව හෝ වාචිකව අල්ලස් කොමිසමෙන් ශිරන්ති රාජපක්ෂට කරලා නැහැ කියලත් ඔන්න දැන් කියවෙනවා.
කතානායකවරයා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේක කරන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. ල his පැමිණිල්ලකට අනුව තමයි මේ වැඩේ කරන්නේ. පැමිණිල්ලේ සඳහන් වන්නේ නිල නිවස නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් කියලයි කියවෙන්නේ. කොහොම හරි ඒකට අනුව මේ දක්වා විමර්ශනය ක්‍රියාත්මක වෙලා තියෙනවා. කතානායකවරයා සම්බන්ධයෙන් මීට පෙරත් අර හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළානේ. හැබැයි ඒ පැමිණිල්ලයි මේ පැමිණිල්ලයි එකක්ද දෙකක්ද කියලා තාමත් හරියට හොයාගන්න බැහැ. කොහොම හරි කතානායකවරයා සම්බන්ධයෙන් කරුණු එක්රැස් කිරීමේ කටයුතුත් මේ වෙද්දී සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ වාහන නිකුත් කිරීම, ඉන්ධන නිකුත් කිරීම හෝ ඒකට ඉන්ධන දීමනා ලබා දීම වගේ දේවල්, ඒ වගේම සියලු ලිපි ලේඛන එකතු කරනවා, ඒ වගේම කතානායකවරයා නිල නිවස නිකුත් කිරීම, ඒ වගේම ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ගැනත් තොරතුරු එකතු කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම හරි කතානායකවරයාගෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයකුත් අරගෙන තියෙනවා කියලා ඔන්න දැන් වාර්තා වෙනවා.
අපරාධ සහ රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යටතේ තමයි පහුගිය කාලයේ ලංකාවට ගෙනාපු ගොඩක් අපරාධකරුවන් හිටියේ. ඒ කියන්නේ ශිරාන් බාසික් වගේ අයත් එතන හිටියේ. පහුගිය කාලයේ ඉස්පාරටම රන්මල් කොඩිතුවක්කුගේ නම පහුගිය දවස් දෙකේ එළියට ආවා. ඒකට හේතුව තමයි ඔහු කටයුතු කරන සංවිධානාත්මක අපරාධ සහ රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට කටයුතු කරමින් ඉද්දී, ඔහු මෑතකදී ඔහුට ලැබුණු තොරතුරකට අනුව වරායේ තිබිලා කන්ටේනරයක් පරීක්ෂා කරනවා. ඒකේ තිබිලා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463කට ආසන්න ප්‍රමාණයක් හොයාගන්නවා. කියන විදිහට ඒකේ වටිනාකම කෝටි 800ක් විතර. මේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන් ජාතිකයින් දෙන්නෙකුත්, ලංකාවේ ව්‍යාපාරිකයෙකුත් ඇතුළු අටදෙනෙක් අල්ලනවා. කොහොම හරි පස්සේ දැන් වෙලා තියෙන දේ තමයි පොලීසිය විසින් මේ වැටලීම ගැන අලුත් විමර්ශනයක් ආරම්භ කරලා. ඒ කියන්නේ විශේෂ විමර්ශන ඒකකය තමයි මේක කරන්නේ. ජ්‍යෙෂ්ඨ ඩී.අයි.ජී. රන්මල් ගැන විතරක් නෙමෙයි ඔහුගේ ටීම් එක ගැනම විමර්ශනය කරනවා කියලා වාර්තා වෙනවා. මේ විමර්ශනය යට දේශපාලන හස්තයකුත් තියෙනවා කියලා කියනවා. කොහොම හරි මේ හදිසියේ එස්.අයි.යූ. එක රන්මල් කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ ඩී.අයි.ජී.ගෙන් කටඋත්තරයකුත් අරගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
දැන් ඔන්න තවත් පොලිස් පොතක්. අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ ඩී.අයි.ජී. ඔහු විශ්‍රාම ගියා, විශ්‍රාම ගියා, විශ්‍රාම ගියා කියලා පහුගිය දවස්වල සෑහෙන්න කතා පැතිරුණා. හැබැයි වාර්තා වෙන විදිහට ඔහු විශ්‍රාම ගිහිල්ලා නැහැ. ඔහුගේ උපන්දින ඇත්තටම යෙදිලා තියෙන්නේ අද, ඒ කියන්නේ සැප්තැම්බර් 11 වෙනිදට තමයි උපන්දින යෙදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔහු විශ්‍රාම යනවා නම් යන්න ඕනේ උපන්දිනේට කලින් දවසේ, ඒ කියන්නේ 10 වෙනිදා. හැබැයි ඔහු ඊයේ වෙනිදත් විශ්‍රාම ගිහිල්ලා හිටියේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම හරි අජිත් රෝහණට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. සමහර විට ඔබ අද උදේ මේ ප්‍රවෘත්තිය අහද්දී සේවා දිගුවක් ලබාදීලා තියෙන්නත් පුළුවන්. නොතිබිලා නම් එහෙම, ඔහුට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් කතාවක් පොලීසියේ ඉහළ තැන්වලදී සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.




