Published
උකස් ලබා ගැනීමේ හැකියාව යළි සමූපකාර ග්‍රාමීය බැංකුවලට ලබාගත හැකිවන පරිදි අවශ්‍ය නීති අණපනත් සංශෝධනය කරන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
මාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතැම් සමූපකාර ග්‍රාමීය බැංකුවල පැවැත්ම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බවයි.
පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව කියාසිටියා.
මේ අතර පාර්ලිමේන්තුවේ නිළධාරිණියකට හිංසනයක් සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමර්ග ගැනීම තවමත් ප්‍රමාදවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද ප්‍රකාශ කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට නිර්දේශ කළ බවයි.




