ත්‍රස්ත මර්දන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෲර අයුරින් සලකන බව පවසමින් ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කල සත්‍යග්‍රහය මේ වනවිටත් ක්‍රියාත්මකයි.
එම ස්ථානයේ සවිකර තිබූ අට්ටාලය ඊයේ දිනයේ පොලීසිය විසින් ඉවත් කරනු ලැබුවා.
කෙසේවෙතත් එම ස්ථානයේ යළි අට්ටාලයක් සවි කර ඔවුන් එලෙස සත්‍යග්‍රහයේ නිරත වනවා.
මේ අතර තමන් ඇතුළු විපක්ෂයේ කණ්ඩායමක් ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය අවසන් වන්නේ ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ කියාසිටියේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින්.
අනතුරුව රැඳවුම් නියෝග මත සුලේෂ් සලේ මහතා එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අතර එහිදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 7 වනදා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
ඒ අනුව සුරේෂ් සලේ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.




