ත්‍රස්ත මර්දන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෲර අයුරින් සලකන බව පවසමින් ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ඊයේ ආරම්භ කල සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති ආචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ කුමන බාධක පැමිණියද සුරේෂ් සලේ මහතාට සාධාරණය ඉටු වන තෙක් එම සත්‍යග්‍රහය අඛණ්ව ක්‍රියාත්මක කරන බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින්.

අනතුරුව රැඳවුම් නියෝග මත සුලේෂ් සලේ මහතා එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අතර එහිදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 7 වනදා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.