අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම සතිය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරි ජනරාල්වරිය සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වන බවට ඇතැම් පාර්ශව ප්‍රකාශ කළද නියමිත කාලසීමාවට ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවයි.