Published
හොරණ, බැල්ලපිටිය, මාහේන අරඹකන්ද ප්‍රදේශයේ කාන්තාවක් විසින් සිය සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
63 හැවිරිදි දෙදරු පියෙක් වන මිය ගිය පුද්ගලයා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.
නිතරම අධික බීමතින් සිටින මිය ගිය පුද්ගලයා දිගින් දිගටම බිරිඳ සමග ආරවුල් ඇති කරගෙන ඇති බවත් දරුවන්ට ද හිරිහැර කර ඇති බවත් පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.
ඊයේ (06) රාත්‍රියේ ඔවුන් දෙදෙනා අතර ආරවුල් ඇතිවී ඇති අතර එහිදී සැමියා විසින් තියුණු ආයුධයකින් බිරිඳට පහර දීමට උත්සාහ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
කෙසේවෙතත් එම ආයුධය සිය භාරයට ගත් බිරිද ඉන් සැමියාට පහර දී ඝාතනය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බිරිඳ අත්අඩංගුවට ගත් බවයි හොරණ පොලීසිය පැවසුවේ.




