සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කළ සිවුරට යුතුකම ”නිදහසේ පාද යාත්‍රාව” අද තුන්වන දිනට කෑගල්ලෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම පාද යාත්‍රාව අද වරකාපොළ දක්වා පැමිණෙන බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ.

නිදහසේ පාද යාත්‍රාව සිව්වනක් පිරිසේ සහභාගීත්වයෙන් ආරම්භ කරන්නට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඉතාමත් සාර්ථකව මහ සංඝරත්නයට ඒ වගේම සියලු රටට හිතැති මේ නිරාගමික ප්‍රතිපත්තියට එරෙහි සියලුම ජනතාවට අපි කරුණාවෙන් මෛත්‍රී නිසූව ඇරයුම් කර සිටිනවා මහ සංඝරත්නය ඇතුළු ප්‍රගතිශීලී ජනතාවට. මේ නිරාගමික ආණ්ඩුව පලවා හරින්නටත්, ඥානසාර හාමුදුරුවන් වහන්සේට පූර්ණ නිදහස ලබා ගැනීමත් වෙනුවෙන් මේ උරදී තිබෙන කරගෙනයන සටන ජයග්‍රහණය දක්වා ගෙන යන්නට අපත් එක්ක අත්වැල් බැඳගන්න කටයුතු කරන හැටියට."

මෙම පාද යාත්‍රාව වරකාපොල, නිට්ටඹුව, කඩවත යන නගර පසු කරමින් ලබන 15 වනදා කොළඹට ළගා වීමට නියමිත බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමි වැඩිදුරටත් පැවසුවා.