Published
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලු මගීන්ද ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය වනවා. ඒ අනුව අධිවේගි මාර්ගවල රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයන් එලෙස ආසන පටි පැළද සිටින්නේ දැයි අද පෙරවරුවේ සිට විශේෂ සොයා බැලිමක් කළා. ඒ, පොලිස් නිලධාරීන් විසින්.
ආසන පටි නොමැති වාහනවල අදාළ නවීකරණයන් සිදු කර ගැනීමට සහන කාලයක් ලබාදී තිබූ අතර එම සහන කාලය අදින් අවසන් වන බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව රියදුරු සහ මගීන් ආසන පටි පැළද නොගෙන අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සදහා අද සිට දඩ නියම කිරීමටද පියවර ගනු ඇති.
එම දඩය රුපියල් දහසක්.
අද සිට බලාත්මක කෙරෙන මෙම නව නීතිය පිළිබද රියදුරන් දැනුවත් කිරීම ඉකුත් දින කිහිපයේදී සිදු කෙරුණා.




