කටාන, දාගොන්න ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම තරුණයන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය හා බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි.

එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ දාගොන්න ප්‍රදේශයම පදිංචි අවුරුදු 18 සහ 19 යන වයස්වල පසූ වූ තරුණයන් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනාගේ මෘතදේහ මීගමුව මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ කන්ටේනර් රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි කටාන පොලීසිය පැවසුවේ.

මේ අතර එම අනතුරවිමත් සමග කෝපයට පත් වූ දාගොන්න ප්‍රදේශවාසීන් පිරිසක් එම කන්ටේනර් රථයට ගිනි තබා තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් හා මීගමුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව එම ගින්න මැඩපැවැත් වූ බවයි එම සිද්ධිය ආවරණය කළ නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.