Published
ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හලාවත මහරෝහලේද කොටසක් ජලයෙන් යටවී තිබෙනවා.
ඒ අනුව එම රෝහලේ වාට්ටු තුනක නේවාසිකව ප්රතිකාර ලැබූ රෝගීන් වෙනත් වාට්ටු වෙත යොමු කිරීමටයි රෝහල් බලධාරීන් කටයුතු කළේ.
මේ අතර ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හලාවත සහ අවට ප්රදේශවලට ද බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව හලාවත ප්රදේශ කිහිපයක මාර්ගමතට ගස් කඩා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත පැවසුවේ.
හලාවත - කොළඹ ප්රධාන මාර්ගයේ ගමනා ගමනය මාදම්පේ, ගලහිටියාව ප්රදේශයෙන් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
ඒ, එම මාර්ගය මතට ගසක් කඩා වැටීම හේතුවෙන්.
ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මාදම්පේ පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.







