දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට කොළඹ මහාධිකරණ හමුවේ අද අධි චෝදනා භාර දුන්නා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා භාරදීම සිදුවුයේ කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේයි.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කලා.
මෙම නඩුව ජුලි මස 22 වනදා දා කැඳවීමට නියමිතයි.
2014 වර්ෂයේ ජනවාරි 1 වනදා සිට 2014 දෙසැම්බර් 31 වනදා දක්වා කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම සඳහා රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු කිලෝ ග්රැම් 36,000ක ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් එළඹෙන ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාදීම තුළින් "දූෂණය" නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.




