හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

ඒ, එම කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා රොෂාන් ගුණතිලක මහතා එලෙස කැදවා ඇති බවයි වාර්තා වන්නේ.