හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඔහුට සමීප ආරංචි පැවසුවේ කිරුළපන පිහිටි නිවසේදී හිටපු ජනාධිපතිවරයා මෙලෙස අසනීප වී ඇති බවයි.

ප්‍රතිකාර සඳහා ඔහු ඇතුළත් කර සිටින්නේ කොළඹ පෞද්ගලික රෝහලකට බවද එම ආරංචි පැවසුවා.

හිටපු ජනාධිපතිවරයා  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා බැලීමට යාමට අද අපේක්ෂාවෙන් ද සිටි බවයි ඔහුට සමීප ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.