Published
අකුරණ, අලවතුගොඩ, කුරුගොඩ හන්දියේ සිදුවු රිය අනතුරෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එම අනතුරෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා අකුරණ ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
සිමෙන්ති මිශ්රණ යන්ත්රයක් සහිත වාහනයක් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක සහ පදිකයින්ගේ ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලැබූවන් අතර එම වාහනයේ රියදුරාද වන බවයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැවසුවේ.




