Published
අගුලාන මුහුදු තීරයේ දී අනතුරට පත් වූ නාවික යාත්රාවේ සිට අතුරුදන් වූ නිලධාරියා සොයා අද පෙරවරුවේ යලිත් මෙහෙයුම් කළ නාවික හමුදාව පවසනවා.
ඒ සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් ද යොදවා තිබෙනවා.
මේ අතර මුහුදු බත් වූ අනතුරට ලක් වු යාත්රාව ගොඩ ගැනීමේ කටයුතු ද ආරම්භ කළ බවයි නාවික හමුදා පැවසුවේ.
කෙසේවෙතත් මුහුද රළුවීම හේතුවෙන් එම කටයුතුවල බලපෑම් එල්ල වී තිබෙනවා




