අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ  සහ ලාෆ්ස් ගෑස් සමාගම් පවසනවා.

ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් මෙම  මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව එම සමාගම් පැවසුවා.

ඒ අනුව,  අගෝස්තු මාසය සඳහා දැනට පවතින මිල ගණන්ම වලංගු වනවා.