අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබෙනවා.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ මීට නොබෝ වේලාවකට පෙර එම විශ්වාස භංග යෝජනාව කථානායකවරයා වෙත භාරදුන් බවයි.

එම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තමන් ඇතුළු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක් වූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.