අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය මේ වනවිට පැවැත්වෙනවා.

එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් පළමුව විවාදයට එක්වුණේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතායි.