අපවත් වී වදාළ පූජනීය කැටවල හේමාලෝක නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද, පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආදාහන කටයුතු පස්වරු 1.00 ට ගම්පහ, මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී සිදු කිරීමටයි කටයුතු සූදානම් කර ඇති බවයි ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ විහාරවාසී පූජ්‍ය සොරනාතොට සාන්ත සුමන හිමි පැවසුවේ.

නෙත් FM රේඩියෝව සමග දිගු කලක් ඉතා සමීපව කටයුතු කළ උන්වහන්සේ වසර ගණනාවක් තිස්සේ ඉරිදා මෙත්නෙත් පාමුල දේශකයාණන් වහන්සේ ලෙස කටයුතු කරමින් සුවහසක් ජනතාව යහපත් මාවතට යොමු කිරීමට සිදු කළ මෙහෙවර සුවිශේෂියි.