අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඇල්පිටිය කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම වැටලීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 140ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සහ මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කුළීගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.