පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

අද දින අධිකරණය හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 16 වනදා සිදුකිරීමටයි තීරණය කළේ.