ආදුරුප්පුවිදිය පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ 05 කට අධික වටිනා

මත්ද්‍රව්‍ය  රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිස් ස්ථානයේ අධිකරණ රාජකාරී යෙදෙන කොස්තාපල්වරයෙක්.

සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 40,710 ක් , හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225 ක් , මත්පෙති 300 ක්, හෙරොයින්  මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1950 ක් හා දුම්වැටි 120 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය හරහා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකු හෙට්ටි මහතාට ලද තොරතුරකට අනුව සැකකාර කොස්තාපල්වරයා කුලී පදනම මත රැඳී සිටි කාමරය වටලා මෙම මත්ද්‍රව‍ය තොගය සොයාගත් බවයි  පොලිසිය පැවසුවේ.

එම මත්ද්‍රව්‍ය  සැකකරු රැඳී සිටි කාමරයේ කුඩා අල්මාරියක් තුළ කොට්ටය යට සහ විවිධ ස්ථානවල සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

28 හැවිරිදි සැකකාර කොස්තාපල්වරයා අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ  පදිංචිකරුවෙක්.

ඒ, පිළිබඳ තවත් තොරතුරු පහතින්.

;