වැසි රහිත සහ දැඩි වියළි කාලගුණයත් සමග වැල්ලවාය ආනපල්ලම සපුගොඩ කඳු රක්ෂිතයේ ගින්නක් පැතිර යමින් තිබෙනවා.

කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි සැක කරන්නේ.

ඇතැම් ස්ථානවල ගිනිදැල් අඩි 10ක් පමණ උස්ව නැගෙමින් තිබෙනවා.

ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසීන් ඉමහත් පරිශ්‍රමයක් ගත්තත් ගස්කොලන් වියළී තිබීම සහ පවතින සුළං හේතුවෙන් ගින්න තවදුරටත් වේගයෙන් පැතිර යමින් ඇති බවයි ඒ පිළිබඳ සොයා බැලූ නෙත් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ.

මෙම ගින්න හේතුවෙන් මේ වන විටත් සපුගොඩ කඳු රක්ෂිතයේ ශාක සහ සතුන්ට හානි සිදුව තිබෙනවා.