ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන ආයතනවල ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සැලසුම්කර තිබෙනවා.
දිවයිනම ආවරණය වන ලෙස එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින්.
ඊට සමගාමීව මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම මගින් දිවයිනේ දිස්ත්‍රික්ක 17ක දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන් හා ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් සඳහා ආබාධ සහිත තැනැත්තන් තෝරාගෙන අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමද සිදු කෙරුණු බවයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පැවසුවේ.
2026 අයවැය යෝජනා මගින් ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ, අධිකරණ, පොලිස් ස්ථාන වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේ සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000 ක්.




